Fiver මගින් මුදල් හොයමු



මොකක්ද මේ Fiverr කියන්නෙ?

ඇත්තටම Fiverr කියන්නෙ සේවා වගේම භාණ්ඩත් විකුනන online marketplace එකක්. මේකෙ නියන භාණ්ඩ හා සේවා හැමෝටම 5$ සිට ගන්න වගේම සපයන්නත් පුලුවන්.


Fiverr හරහා දිනපතා බොහෝ දෙනෙක් සේවාවන් සහ නිෂ්පාදන මිලදී ගන්නවා.

මෙහි ලබා ගත හැකි සේවාවන් විදිහට ව්‍යාපාර ප්‍රවර්ධනය(Business Promotion), සමාජ ජාල (Social Networking) සහ වෙළඳ දැන්වීමේ (Advertisements) සිට හාස්‍ය වීඩියෝ, ග්‍රැෆික් (Graphic) නිර්මාණය සහ පරිවර්තන (Translation) දක්වා කිහිපයක් දක්වන්න පුලුවන්.

මෙම පිරිනමන සේවාවන් Fiverr හි "GIGS" ලෙස හඳුන්වනවා.

මේ විදිහට Fiverr කියන්නෙ සේවා බලාපොරොත්තු වෙන අය සහ අපි වගේ සේවාවක් ස්පයන්න යන අය හමුවන තැනක්

කොහොමද Fiverr වලින් සල්ලි හොයන්නෙ?
Fiverr එකෙන් සල්ලි හොයන්න නම් ඔබට කරන්න තියෙන්නෙ නිෂ්පාදනයක් හෝ සේවාවක් විකුණන එක.

 ඒ කියන්නෙ ඔබට තියන හැකියාවක් Service එකක් විදිහට දෙන්න පුලුවන් කියල අපි GIG එකක් හදලා Fiverr එකේ දානවා. ඊට පස්සෙ ඒ Service එක අවශ්යය කෙනෙක් ඇවිත් Order කරනවා. ඒ විදිහට තමා අපිට සල්ලි ලැබෙන්නෙ.

ඒකට ඔබ දැනගෙන ඉන්න ඕන මොන වගේ හැකියාවන්ද අපිට නියෙන්නෙ කියල වගේම මොන වගේ Product සහ Services ද අපිට Sell කරන්න පුලුවන් කියලා.

මම උදාහරණ කිහිපයක් දාල නියනව ඔයාල ගිහින් බලන්න, 
  • Logo Design කරන්න පුලුවන් 
  • Photo Edit කරන්න පුලුවන්. 
  • Video Edit කරන්න පුලුවන්. 
  • Handcraft (අක්මි නිර්මාණ) වගේ දේවල් හදල යවන්න පුලුවන්. 
  • Translations කරන්න පුලුවන්.
  •  PDF Files create කරන්න පුලුවන්.

මේ දේවල් වලට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන් ඒ දේවල් අපි තව ටිකකින් ඉගනගමු.


GIG එකකින් අපිට කීයක් ලැබෙනවද?

GIG එකක වටිනාකමින් 80% අපිට සහ 20% fiverr එකට විදිහට නමා ගාන බෙදෙන්නෙ

ඒ කියන්නෙ ඔයා 5$ ක GIG එකක් Sell කලා නම් 4$ක් ඔයාට හම්බ වෙනව, 1$ Fiverr එක තියාගන්නවා. මොකද ඔයාට මෙහෙම Services sell කරන්න පුලුවන් වෙන්නෙ Fiverr එක නිසානෙ.

කවුද Fiverr වලින් සල්ලි හොයල තියෙන්නෙ?

සරලවම කිව්වොත් ලංකාව වගේම ලෝකේ වටේම ඉන්නවා Fiverr එකෙන් මාසෙකට ලක්ෂ ගණන් උපයන අය. ඔබට මාසෙකට කීයක් උපයන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඔබගේ දක්ෂතාවය සහ නිර්මාණ ශිලිත්වය මන. කිසිදු විශේෂ කුසලතාවයක් නැතුව උනත් ලක්ෂ ගනන් උපයන්න පුළුවන් නිර්මාණශීලී ක්‍රමෝපායන් තියෙනවා.

Account එක හදන්න කලින් මේ ටිකත් දැනගන්න.


නිවැරදිව Fiverr Account එක හදමු.














No comments: