ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද?
මොකද්ද මේ Google Adsense කියන්නේ?
වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි හිමිකරුවන්ට මුදල් හොයන්න පුළුවන් හොදම විදියක් තමයි Google Adsense කියන්නේ. ඔබගේ බ්ලොග් එකට හොද Traffic එකක් තියනවනම් Google Adsense හරහා හොද මුදලක් හොයන්න පුළුවන්. ඔබට තියන්නේ Google Adsense ලබාදෙන code එක ඔබගේ බ්ලොග් එකට ඇතුලත් කරන එකයි.
Google සමාගම කියන විදියට ඔබගේ බ්ලොග් එක සැදීම හොදටම ප්‍රමාණවත් Adsense ගිණුමක් පහසුවෙන් ලබාගන්න. Google Adsense තවමත් Sinhala blog වලට support නොදක්වන අතර, ඒ නිසා Sinhala blog සඳහා Google Adsense අයැදුම් කිරීමෙන් වළකින්න
1. වයස
Google Adsense ගිණුමක් සදාගැනිමටනම් ඔබගේ වයස අවුරුදු 18කට වඩා වැඩි විය යුතුය.
2. ඔබගේ බ්ලොග් අඩවියේ පෙනුම
තොරණ වගේ තියන බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ කලාතුරකින්. පුළුවන් තරම් professional විදියට ඔබේ බ්ලොග් එක හදන්න. හැකි තරම් widgets එහම අඩු කරන්න. එහම widgets අඩු කරන එක ඔබගේ බ්ලොග් එකේ Speed එකටත් ගොඩක් වටිනවා. WordPress මගින් නම් ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම Professional Level Free WordPress Theme එකක් භාවිතා කිරීම ඔස්සේ ඔබගේ වෙබ් අඩවියට කිසිදු මහන්සියකින් තොරව වෘත්තීයමය පෙනුමක් ලබා දිය හැක.
3. Traffic
Google මෙච්චරක් traffic ඕනේ කියල සදහනක් කරලා නැති උනත් traffic නැතිව Google Adsense ගත්තත් මොනවා කරන්නද? අවම වශයෙන් දවසකට 100 ක් වත් පැමිනෙනකන් ඉවසන්න. ඉන් පසු Google Adsense ඉල්ලන්න.
4. Post ගණන
අවම වශයෙන් post 10ක් වත් ඔබ ලියනකන් Google Adsense වලට අයදුම් කරන්න එපා. ඒ වගේම අවම වශයෙන් එක post එකකට වචන 1000ක්වත් (මෙය Blog Niche එක අනුව වෙනස් විය හැක.) ඇතුල් කරන්න.
5. අන්තර්ගතය
Google Adsense ලබා ගැනීමට වැදගත්ම දෙයක් තමයි අන්තර්ගතය. Copy – Paste වලටත් Adsense ලබාගත්ත පිරිසක් ඉදලා තියනවා. නමුත් ඒක හැමෝටම හරියන එකක් නෙවේ. ඒ වගේම එවැනි බ්ලොග් වලට traffic ලබාගැනීම අමාරු නිසා ඒවගෙන් මුදල් සෙවීමත් අමාරුයි.
මිනිසුන්ට වැදගත් unique ලිපි හැමවෙල්ම පලකරන්න. එවැනි බ්ලොග් එකක් ඔබ සතු නම් Google ඉතාමත් කැමැත්තෙන් Google Adsense ඔබගේ බ්ලොග් එකට ලබා දෙයි.
වැඩිහිටියන්ට පමණක් නරබන්න පුළුවන් සහ මත්ද්‍රව්‍ය වැනි දෑ ඇති බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ නැත.
6. අවශ්‍ය Pages
ඔබගේ බ්ලොග් එකේ පහත සදහන් pages තියන එක වැදගත් Google Adsense ලබාගැනීමේදී.
Privacy Policy – ඔබ Privacy Policy කියන page එක හදන්න දන්නේ නැත්තම් මේ Privacy Policy Generator එක භාවිතා කරලා පහසුවෙන් හදාගන්න.
About Us – මෙයනම් ඔබට පහසුවෙන්ම හදන්න පුළුවන් page එකක්නේ.
Contact Us – මෙයත් ඔබට පහසුවෙන් හදාගන්න පුළුවන් page එකක්.
7. Domain Name
yoursite.blogspot.com වගේ domain name එකක් භාවිතා කරන්නේ නැතිව yoursite.com වගේ domain name එකක් භාවිතා කරන්න. එය SEO වලටත් ඉතාමත්ම වැදගත්ය.
8. වෙනත් Ads
Bidvertiser වගේ වෙනත් Ads ඔබගේ බ්ලොග් එකේ තියනවනම් ඒවා ඉවත් කරන්න.
9. Paid Traffic
Hitleap වගේ වෙබ් අඩවි භාවිතා කර ඔබගේ බ්ලොග් එකට traffic ගැනීමෙන් වලකින්න. Link exchange වගේ ක්‍රමත් භාවිතා කිරීමෙන් වලකින්න.
10. අනවශ්‍ය අඩවි වලට ලින්ක් දීමෙන් වලකින්න
වැඩහිටියන්ට පමණක් සීමා උනා වගේ වෙබ් අඩවි වලට කිසි විටකත් backlink දීමෙන් වලකින්න. ඒ වගේම ඒ වගේ වෙබ් අඩවි වලින් ඔබගේ බ්ලොග් එකට backlink නිර්මාණය කර ගැනීමෙනුත් වලකින්න.
හුගක් අය අතර වැරදි මතයක් තියනවා ශ්‍රී ලංකවට Google Adsense ලබාදෙන්නේ නෑ කියලා. එහම කිසිම දෙයක් නෑ. නිකන්ම බ්ලොග් එකක් හදලා Adsense ඉල්ලුවා කියලා Adsense හම්බවෙන්නේ නෑ. හැම වෙලේම බ්ලොග් එකට වටිනාකමක් දෙන්න. මුදල් හොයන්න කලින් ඔබගේ බ්ලොග් එක හරහා වටිනා දෙයක් සමාජයට දෙන්න. ඔබගේ බ්ලොග් එකේ අලුත් වටිනා ලිපි තියනවා Google ඉතාමත් කැමැත්තෙන් ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබා දෙයි.
No comments: