Fiver මුල සිට ඉගෙන ගනිමු

What is Fiverr


Fiverr කියන්නේ Online Mini Marketplace එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping Complex එකකට ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම භාණ්ඩයක්ම, හැම සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම්කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverr කියන තැනත්.


මෙහි ලබා ගත හැකි සේවාවන් විදිහට ව්‍යාපාර ප්‍රවර්ධනය (Business Promotion), සමාජ ජාල (Social Networking) සහ වෙළඳ දැන්වීමේ (Advertisements) සිට හාස්‍ය වීඩියෝ, ග්‍රැෆික් (Graphic) නිර්මාණය සහ පරිවර්තන (Translation) දක්වා කිහිපයක් දක්වන්න පුලුවන්. මෙම පිරිනමන සේවාවන් Fiverr හි "GIGS" ලෙස හඳුන් වනවා. මේ විදිහට Fiverr කියන්නෙ සේවා බලාපොරොත්තු වෙන අය සහ අපි වගේ සේවාවක් ස්පයන්න යන අය හමුවන තැනක්. ඔබත් එකට ගිහින්ම බලන්න.

ඔයා සමහරවිට දැන් ලෝක ප්රසිද්ධ Freelancer, oDesk වගේ සයිට් ගැන දන්නවා ඇති, සමහර විට ඒවා කරන්න උත්සහා කරනවත් ඇති. මං පටන් ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන් ගන්න හොඳම තැන Fiverr කියලා. 

Fiverr කියන සයිට් එක අනිත් Freelancer, oDesk, Elance වගේ සයිට් වලට වඩා හොඳ වෙන්නේ, පටන් ගන්න ලේසි වෙන්නේ මේ දේවල් නිසා. $5 එහෙමත් නැත්නම් රු.700 අවදානමේ දාන්න බැරි ගාණක්ද? මං එහෙම හිතන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ගොඩක් දෙනා හිතන්නෙත් එහෙම. 

ඉතින් මේ $5 කියන පුංචි ගාන නැතිවුනා කියලා ඒ තරම් පාඩුවක් වෙන්නේ නෑනේ. ඒ නිසා Fiverr Sales වලින් පිරුන තැනක් වෙනවා අයාසයකින් තොරවම. අපිට පුලුවන් මේ කියන දේ අපේ, ඒ කියන්නේ Fiverr Seller කෙනෙක් විදිහට වාසියට හරවා ගන්න. මේ නිසා තමයි මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න කෙනෙකුට වුනත් මේකෙන් ඒ තරම් අමාරුවක් නැතුවම සාර්ථක වෙන්න පුලුවන් කියලා කිව්වේ. චුට්ටක් හිතන්නකෝ, වෘත්තිය මට්ටමේ Freelance Sites වලින් Project එකක් කරගන්න ගියාම යන වියදම.

 මේ කියන්නේ ඒ යන වියදම වැඩියි කියලා නම් නෙමේ. ඒක තමයි සමාන්ය Market Prize එක. ඉතින් ඒ වගේ ගාණක් වියදම් වෙන එක කිසිම අවුලක් නැහැ. වෘත්තිය මට්ටමේ Freelance සයිට් එක්ක සසඳලා බලද්දී Fiverr කියන්නේ Cheap Online Marketplace එකක්. මේක තමයි ප්රධානම හේතුව Fiverr සාර්ථක වෙන්න බලපාන. Fiverr වලට වැඩි පුරම එන්නේ Online Marketersලා. 

මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ. Outsource කියලා කිව්වේ ලොකු Project එකක් පොඩි පොඩි කෑලි වලට කඩලා ලාහෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්.වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින්

එකපාර එක Project එකකට ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන් වෙන්නේ මේ නිසා.



$5 කියන්නේ ගොඩක් පුංචි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද?



එහෙනම් මෙහෙම හිතන්නකෝ. ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා. ඉතින් මාසෙට වැඩ 300 එනවා, ඒ කියන්නේ 300 * 5 = $1500. දැන මොකද ඔයා කියන්නේ? මේ ගාණත් මදිද? මේ වගේ අදායමක් සාමාන්ය මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්ය කෙනෙක් වෙලත් Fiverr වලින් මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා.

දැන්වත් ඔයාට පේන්වද Fiverr වල තියෙන Potential එක එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන් ආදායම.

වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසා, එයා හොඳම කෙනාව තමයි තෝරගන්න බලන්නේ.

ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තාමත් අලුත් කෙනෙක්නම් ඔයාට ලොකු විශ්වාසයක් නැතුව ඇති මේ දේවල් ගැන. මේක මුලදීම මං ඔයාට දෙයක් ගැන Guarantee වෙනවා. ඔයා මේ පාඩම හරියට කියවලා ඒ විදිහට System එක පිළිපැද්දොත් ඔයාට අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුලත Sales 3වත් එනවා.

Fiverr කියන්නේ Online Mini Marketplace එකක් කියලා මං කලින් කිව්වා. ඉතින් Fiverr පටන් ගන්න කැමති නම් ඔයා මුලින්ම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හැම දෙයක්ම පටන්ගන්න කලින් හොන්ඳට Plan කරාම ඒකේ Foundation එක ගොඩක් ශක්තිමත්. කිසිම Plan එකක් නැති දෙයක් ලේසියෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මුලින්ම Plan එක, ඊටපස්සේ ඒක Follow කිරිම කරන්න.

සාමාන්යයෙන් ඔයාට Fiverr පටන්ගන්න ඕන වුනාම ඔයා මුලින්ම කරන්නේ ඉක්මනින් ගිහින් Fiverr Account එකක් හදන එකනේ, ඒත් හොන්ඳට Plan කරලා කරද්දී ඒක නෙමෙයි ඔයා ගන්න ඕන පළවෙනි Step එක. Fiverr Account එකක් හැදුවට වැඩක් නැහැ කරන්නේ මොනාද කියලා කිසිම Idea එකක් නැත්නම්..!

අපි Fiverr එක ගැන තව දුරටත් අදහසක් ගමු.


Fiverr Language, Get Used To It


හැබැයි ඒක කියන්න කලින් Fiverr පාවිච්චි කරනකොට අහන්න ලැබෙන දේවල් ගැන ටිකක් කියන්නම්. එතකොට අවුලක් නැතුව වැඩේ කරන්න පුලුවන්. Fiverr එකට සම්බන්ධ පාර්ශවයන් 2යි. මේ කට්ටිය හින්ඳා තමයි Fiverr එක ඇතුලේ Business එකක් වෙන්නේ.

  1. ‌Buyers - මේ කියන්නේ ඔයාගේ සේවය හෝ භාණ්ඩය අරගෙන සල්ලි දෙන පුද්ගලයා. අනිත් Freelancer Sites වගේ නෙමෙයි Fiverr එකේ Buyersලට Payment එක කරන්න ලේසියි වගේම වැඩේ කරාට පස්සේ සල්ලි නොදී ඉන්න බැහැ, මොකද මුලින්ම Payment එක කරලා ඉන්න ඕනා වැඩේ බලන්න.                                       
  2. . Sellers - මේ කියන්නේ සේවය හෝ භාණ්ඩය විකුණන පුද්ගලයා, වෙනත් විදිහකින් කිව්වොත් මේ තමයි ඔයා අයත් වෙන පාර්ශවය. ඔයා විකුණන හැම දෙයක්ම $5 නමුත් ඔයාට ලැබෙන්නේ $4 ඉතුරු $1 Fiverr Service Fee එකක් විදිහට එයාලට කැපෙනවා.
දැන් කියන්නම් Fiverr Language එක ගැන, මේවා දැනගෙන Fiverr පාවිච්චි කරනකොට අවුල් සහගත් තැන් එනවා අඩු වෙයි..!!


  • → Gig - ඔයා Fiverr එකේ දෙන භාණ්ඩය හෝ සේවයට තමයි Gig එකක් කියලා කියන්නේ.                   
  • Featured Gig - Fiverr එක හොඳට අලෙවි වෙන Gig වලට කැමතියි. ඉතින් ඒ අය Gig එක Featured කරනවා. එහෙම නැත්නම් අපිට ඉල්ලන්නත් පුලුවන්. මෙහෙම කරාම Gig එක නිතරම වගේ Homepage එකේ පළවෙනි Gig Listing 4න් එකකට එනවා. ඒ වගේම Featured Gig Badge එකකුත් ලැබෙනවා Gig එකට. වෙනත් විදිහකින් කිව්වොත් Fiverr Community Trust එක ලැබෙනවා.



  • Request Gigs – මේ කියන්නේ Fiverr එකේ තියෙන තවත් Feature එකක්. මේක නිසා සමහර අයට Punishment හිටන් ලැබිලා ඇති. මේක තියෙන්නේ දකුණු පැත්තේ Fiverr Sidebar එකේ. මේකෙන් ප්රදානවම වෙන්නේ Buyersලට අවශ්ය දේවල් කරගන්න ගැලපෙන Sellers ලව හොයාගන්න එක. මේකේ දාන ඕන දෙයක් දාන්න පුලුවන් Buyer කෙනෙක්ට විතරයි. ඔයාගේ Fiverr Gigs ගැන කියලා ඕකේ දැම්මොත් ඔයාට Fiverr ඒකෙන් ප්‍රශ්ණයක් වෙයි (Restrictions, Limitations.!!)



No comments: